ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ පුහුණු මධ්‍යස්ථානය ප්‍රජාව වෙත විවෘත කිරීම

කාබනික හා පාරිසරික වගාව වෙනුවෙන් LOAM විසින් ආරම්භ කළ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රථම කණ්ඩායම පුහුණු කිරීම පසුගිය 2023 ඔක්තෝබර් 31 වනදා සාර්ථකව සිදු කිරීමට හැකි විය.

ඒ, මත්තේගොඩ පිහිටි අක්කර 04ක භූමියක පැතිරී ඇති LOAM හි වගා ආදර්ශක භූමිය තුළයි. එම සමාරම්භක වැඩසටහන සඳහා Lanka Organic Agriculture Movement (LOAM) සභාපති තිලක් කාරියවසම් මහතා, අධ්‍යක්ෂ අජන්ත පළිහවඩන මහතා, ක්ෂේත්‍ර ව්‍යාපෘති සම්බන්ධීකාරක නදීරා කුමාරි මහත්මිය, තාක්ෂණික උපදේශක රසික කුමාරගේ මහතා ඇතුළු සහභාගී විය. විශේෂයෙන්ම මේ සඳහා මාධ්‍යවේදිනී Katharina Nickoleit ද සහභාගී විය.

මෙම භූමි භාගයේ පිහිටි වගා ආදර්ශනය තුළින් කාබනික වගාව, පාරිසරික වගාව (Agroecology), සදෘශ්‍ය වන වගාව (Analog Forestry), ප්‍රත්‍යස්ථ කෘෂිකර්මය (Regenerative Agriculture) සහ පරිසර හිතකාමී කෘෂි ක්‍රමෝපායන් පිළිබඳ පුහුණු කිරීම් සඳහා භාවිතා කිරීම LOAM ආයතනයේ අපේක්ෂාවයි. කොළඹ මධ්‍යයේ සිට විනාඩි 45ක පමණ ළඟාවිය හැකි මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් තිබීම LOAM ආයතනයට පමණක් නොව රටේ සමස්ත පුරවැසියන්ට ම පරිසර හිතකාමී වගාවකට යොමු වීම සඳහා විශාල රුකුලක් වන බව LOAM ආයතනයේ විශ්වාසයයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *